Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mumtahanah — Ayah 10

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا جَآءَكُمُ ٱلۡمُؤۡمِنَٰتُ مُهَٰجِرَٰتٖ فَٱمۡتَحِنُوهُنَّۖ ٱللَّهُ أَعۡلَمُ بِإِيمَٰنِهِنَّۖ فَإِنۡ عَلِمۡتُمُوهُنَّ مُؤۡمِنَٰتٖ فَلَا تَرۡجِعُوهُنَّ إِلَى ٱلۡكُفَّارِۖ لَا هُنَّ حِلّٞ لَّهُمۡ وَلَا هُمۡ يَحِلُّونَ لَهُنَّۖ وَءَاتُوهُم مَّآ أَنفَقُواْۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ أَن تَنكِحُوهُنَّ إِذَآ ءَاتَيۡتُمُوهُنَّ أُجُورَهُنَّۚ وَلَا تُمۡسِكُواْ بِعِصَمِ ٱلۡكَوَافِرِ وَسۡـَٔلُواْ مَآ أَنفَقۡتُمۡ وَلۡيَسۡـَٔلُواْ مَآ أَنفَقُواْۚ ذَٰلِكُمۡ حُكۡمُ ٱللَّهِ يَحۡكُمُ بَيۡنَكُمۡۖ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ١٠
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුව ක්රියා කරන්නනි! දේව ප්රතික්ෂේපකයින් සිටින භූමියේ සිට ඉස්ලාමීය භූමිය වෙත නික්ම වී දේවත්වය විශ්වාස කරන කාන්තාවන් පැමිණි විට ඔවුන්ගේ දේව විශ්වසය සහතික කර ගැනීම සඳහා ඔවුන් පරීක්ෂණයකට ලක් කරනු. ඔවුන්ගේ විශ්වාසය පිළිබඳ මැනවින් දන්නා අල්ලාහ්ය. ඔවුන්ගේ හදවත් කවර කරුණක් පිළිබඳ සම්බන්ධකම් පවත්වන්නේ ද එය ඔහුට සැඟවී යන්නේ නැත. ඔවුන් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු ව ඔවුන්ගේ සත්යභාවය සනාථ වී ඔවුන් දෙවියන් විශ්වාස කරන කාන්තාවන් බව නුඹලා දැන ගත්තෙහු නම්, ඔවුන්ගේ දේව ප්රතික්ෂේපිත සැමියන් වෙත නැවත ඔවුන් හරවා නො යවනු. සැබැවින්ම දේව විශ්වාසී කාන්තාවන්ට දේව ප්රතික්ෂේපකයින් විවාහ වීම අනුමත නොවන්නේය. දේව ප්රතික්ෂේපකයින්ට දේව විශ්වාසී කාන්තාවන් විවාහ කර දීම ද අනුමත නො වන්නේය. ඔවුන් දේව ප්රතික්ෂේපිත සැමියන්ගෙන් ලබා ගත් මහර්වලින් වියදම් කළ දෑ ඔවුන්ගේ සැමියන්ට ලබා දෙනු. එම කාන්තාවන්ට ඔවුන්ගේ මහර්- විවාහ ත්යාගය ලබා දෙන්නේ නම් ඔවුන්ගේ ඉද්දා -පොරොත්තු කාලය අවසන් වීමෙන් පසු නුඹලා ඔවුන් විවාහ කර ගැනීමෙහි නුඹලාට වරදක් නැත. කවරෙකුගේ බිරිය දේව ප්රතික්ෂේපිත කාන්තාවක වූවාද එසේ නැතිනම් ඉස්ලාමයෙන් ඉවත් වූවා ද ඇය ව රඳවා තබා නො ගනු. එය ඇයගේ දේව ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන් දෙදෙනාගෙන් විවාහ සම්බන්ධකම බිඳී යන බැවිණි. ඉස්ලාමය හැර දමා ගිය නුඹලාගේ බිරියන් වෙනුවෙන් නුඹලා වියදම් කළ මහර් එම දේව ප්රතික්ෂේපකයින්ගෙන් ඉල්ලා ගනු. ඉස්ලාමය වැළඳගත් ඔවුන්ගේ බිරියන් වෙනුවෙන් වියදම් කළ ඔවුන්ගේ මහරය -විවාහ ත්යාගය- ඔවුන් ඉල්ලා ගනිත්වා! නුඹලාගේ පාර්ශවයෙන් හා ඔවුන්ගේ පාර්ශවයෙන් මහර් නැවත හරවා දීම ගැන සඳහන් කරනු ලැබූ මෙය අල්ලාහ්ගේ තීන්දුවයි. ශුද්ධ වූ අල්ලාහ් ඔහු අභිමත කරන පරිදි නුඹලා අතර තීන්දු කරයි. ඔහුගේ ගැත්තන්ගේ තත්ත්වයන් හා ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් සර්වඥානීය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු තම ගැත්තන්හට ආගමානුගත කරන දෑහි ඔහු මහා ප්රඥාවන්තය.