Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mumtahanah — Ayah 9

إِنَّمَا يَنۡهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ قَٰتَلُوكُمۡ فِي ٱلدِّينِ وَأَخۡرَجُوكُم مِّن دِيَٰرِكُمۡ وَظَٰهَرُواْ عَلَىٰٓ إِخۡرَاجِكُمۡ أَن تَوَلَّوۡهُمۡۚ وَمَن يَتَوَلَّهُمۡ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ ٩
සැබැවින්ම අල්ලාහ් නුඹලාව වළක්වා ඇත්තේ නුඹලාගේ විශ්වාසය හේතුකොටගෙන නුඹලා සමග සටන් වැද, නුඹලාගේ නිවෙස්වලින් නුඹලාව පිටුවහල් කර; එසේ නුඹලාව පිටහුවහල් කිරීම සඳහා ඔවුනට උදව් උපකාර කළ අයගෙනි. නුඹලා ඔවුන් සමඟ මිතුරුකම් පෑම හෝ භාරකරුවන් ලෙස ගැනීම අල්ලාහ් නුඹලාට තහනම් කළේය. නුඹලා අතරින් කවරෙකු ඔවුන් භාරකරුවන් ලෙස ගෙන ඇත්තේ ද සැබැවින්ම අල්ලාහ්ගේ නියෝගයට විරුද්ධ වීම හේතුවෙන් විනාශයේ සාධක ගෙනැවිත් තමන්ටම අපරාධාකර ගත්තන් වන්නේ ඔවුන්මය.