Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mumtahanah — Ayah 8

لَّا يَنۡهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ لَمۡ يُقَٰتِلُوكُمۡ فِي ٱلدِّينِ وَلَمۡ يُخۡرِجُوكُم مِّن دِيَٰرِكُمۡ أَن تَبَرُّوهُمۡ وَتُقۡسِطُوٓاْ إِلَيۡهِمۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُقۡسِطِينَ ٨
නුඹලා ඉස්ලාමය වැළඳ ගැනීම හේතුවෙන් නුඹලා සමග සටන් නොවදින, නුඹලාගේ නිවෙස්වලින් නුඹලාව බැහැර නොකරන අය වනාහි, ඔවුන් සමග නුඹලා උපකාරශීලීව කටයුතු කිරීමෙන් හා නුඹලා වෙත පැවරී ඇති ඔවුන් සතු උරුමයන්හි ඔවුන් අතර සාධාරණව කටයුතු කිරීමෙන් අල්ලාහ් නුඹලාව වළක්වන්නේ නැත. එය අස්මා බින්ත් අබී බක්ර් තුමිය තම දේව ප්රතික්ෂේපිත මව සමග කටයුතු කළාක් මෙනි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අවසරයෙන් පසු ව ඇයගේ මව ඇය වෙත පැමිණි කල්හි ඇය සමග සම්බන්ධකම් පවත්වන මෙන් එතුමා ඇයට නියෝග කළහ. සැබැවින්ම අල්ලාහ් ඔවුන් අතර ද ඔවුන්ගේ පවුලේ ඥාතීන් අතර ද ඔවුන් භාරව සිටින්නන් අතර ද සාධාරණව කටයුතු කරන සාධාරණීයයන් ප්රිය කරනු ඇත.