Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mumtahanah — Ayah 7

۞ عَسَى ٱللَّهُ أَن يَجۡعَلَ بَيۡنَكُمۡ وَبَيۡنَ ٱلَّذِينَ عَادَيۡتُم مِّنۡهُم مَّوَدَّةٗۚ وَٱللَّهُ قَدِيرٞۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ٧
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අතර හා නුඹලාට සතුරු වූ දේව ප්රතික්ෂේපකයින් අතර අල්ලාහ් ඔවුනට ඉස්ලාමය වෙත මග පෙන්වීම තුළින් සෙනෙහසක් ඇති කරන්නට පුළුවන. එහෙයින් ඔවුන් දහම තුළ නුඹලාට සහෝදරයන් වනු ඇත. ඔවුන්ගේ හදවත් දේව විශ්වාසය වෙත පෙරළීමේ බලය අල්ලාහ් සතු ව ඇත. ඔහුගේ ගැත්තන් අතරින් ඔහුගෙන් සමාව අයැදින්නන් හට අල්ලාහ් අතික්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.