Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah As-Saf — Ayah 14

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُوٓاْ أَنصَارَ ٱللَّهِ كَمَا قَالَ عِيسَى ٱبۡنُ مَرۡيَمَ لِلۡحَوَارِيِّـۧنَ مَنۡ أَنصَارِيٓ إِلَى ٱللَّهِۖ قَالَ ٱلۡحَوَارِيُّونَ نَحۡنُ أَنصَارُ ٱللَّهِۖ فَـَٔامَنَت طَّآئِفَةٞ مِّنۢ بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَكَفَرَت طَّآئِفَةٞۖ فَأَيَّدۡنَا ٱلَّذِينَ ءَامَنُواْ عَلَىٰ عَدُوِّهِمۡ فَأَصۡبَحُواْ ظَٰهِرِينَ ١٤
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට, ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලාගේ දූතයාණන් නුඹලා වෙත කවර දහමක් ගෙන ආවේ ද ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ අනුගාමිකයින් මෙන් නුඹලා එයට උදව් කරමින්, අල්ලාහ්ගේ සහයකයින් බවට පත් වනු. එතුමා තම අනුගාමිකයින්ගෙන් ‘අල්ලාහ් වෙත උදව් කරන්නන් කවුරුන් දැ’යි විමසා සිටි විට ඔවුන් පෙරටැවිත් ‘අල්ලාහ්ගේ උදව්කරුවන් අපි වෙමු’ යැයි පවසා ඉස්රාඊල් දරුවන්ගෙන් පිරිසක් ඊසා (අලයිහිස් සලාම්) තුමාව විශ්වාස කළ අතර, තවත් පිරිසක් එතුමා ව ප්රතික්ෂේප කළෝය. ඊසා (අලයිහිස් සලාම්) තුමාව විශ්වාස කළවුන් දෙවියන් ප්රතික්ෂේප කළවුනට වඩා ඉහළින් ශක්තිමත් කළෙමු. ඔවුන් අභිබවා යන්නන් බවට ඔවුහු පත් වූහ.