Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Munafiqun — Ayah 4

۞ وَإِذَا رَأَيۡتَهُمۡ تُعۡجِبُكَ أَجۡسَامُهُمۡۖ وَإِن يَقُولُواْ تَسۡمَعۡ لِقَوۡلِهِمۡۖ كَأَنَّهُمۡ خُشُبٞ مُّسَنَّدَةٞۖ يَحۡسَبُونَ كُلَّ صَيۡحَةٍ عَلَيۡهِمۡۚ هُمُ ٱلۡعَدُوُّ فَٱحۡذَرۡهُمۡۚ قَٰتَلَهُمُ ٱللَّهُۖ أَنَّىٰ يُؤۡفَكُونَ ٤
අහෝ අධීක්ෂණය කර බලන්නනි! ඔවුන් තුළ ඇති දැකුම්කළුභාවය හා සැප පහසුකම් හේතුවෙන් ඔවුන්ගේ ස්වරූපය හා හැඩරුව නුඹව පුදුමයට පත් කරනු ඇත. ඔවුන් කතා කරන්නේ නම් ඔවුන්ගේ කතාව තුළ රසාස්වාදයක් ඇති බැවින් එම කතාවට නුඹ සවන් දෙනු ඇත. අහෝ දූතය! සැබැවින්ම ඔවුන් නුඹේ සභාවෙහි හේත්තු කර තබා ඇති කොටන් මෙනි. කිසිවක් වටහා නොගන්නා අතරම ඒ සඳහා උදව් කරන්නේ ද නැත. ඔවුන් තුළ පවතින බියගුලුකම නිසා සෑම හඬක්ම ඔවුන්ව ඉලක්ක කර ගනිමින් පවසන්නේ යැයි සිතති. සැබෑ සතුරෝ ඔවුහුමය. අහෝ දූතය! ඔවුන් නුඹට රහස් හෙළි කිරීම හෝ නුඹට යම් කුමන්ත්රණයක් කිරීම ගැන ප්රවෙසම් වනු. අල්ලාහ් ඔවුනට ශාප කළේය. දේව විශ්වාසයේ සාධක පැහැදිලි කිරීමෙන් හා එහි සාක්ෂි නිරූපණය කිරීමෙන් පසු ඔවුන් එම විශ්වාසයෙන් වෙනතකට හැරෙනුයේ කෙසේ ද?