Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Munafiqun — Ayah 5

وَإِذَا قِيلَ لَهُمۡ تَعَالَوۡاْ يَسۡتَغۡفِرۡ لَكُمۡ رَسُولُ ٱللَّهِ لَوَّوۡاْ رُءُوسَهُمۡ وَرَأَيۡتَهُمۡ يَصُدُّونَ وَهُم مُّسۡتَكۡبِرُونَ ٥
එම කුහකයින්ට: නුඹලාගෙන් මතු වූ කරුණු සම්බන්ධයෙන් සමාව අයැදිමින් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණෙනු. ඔහු නුඹලාගේ පාපයන් සඳහා නුඹලා වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයද සිටිනු ඇත.’ යැයි පවසනු ලැබූ විට හාස්යට ලක් කරමින් හා සරදම් කරමින් ඔවුහු ඔවුන්ගේ හිස් හරවා ගනිති. කවර දෙයක් ඔවුනට අණ කරනු ලැබුවේ ද, ඔවුන් එයට පිටුපානු නුඹ දකිනු ඇත. සත්ය පිළිගැනීමට ද එය අත්පත් කර ගැනීමට ද ඔවුන් උඩඟු වෙති.