Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Munafiqun — Ayah 7

هُمُ ٱلَّذِينَ يَقُولُونَ لَا تُنفِقُواْ عَلَىٰ مَنۡ عِندَ رَسُولِ ٱللَّهِ حَتَّىٰ يَنفَضُّواْۗ وَلِلَّهِ خَزَآئِنُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَٰكِنَّ ٱلۡمُنَٰفِقِينَ لَا يَفۡقَهُونَ ٧
‘අල්ලාහ්ගේ දූතයාණන් අබියස සිටින දිළිඳුන්හටත් මදීනාව අවට සිටින ගම්බද අරාබීන් හටත් ඔහුගෙන් ඔවුන් වෙන්ව යන තුරු නුඹලාගේ ධනය (ඔවුන් සඳහා) වියදම් නොකරනු’ යැයි පවසා සිටි අය ඔවුහුමය. අහස්හි භාණ්ඩාගාරය ද මහපොළොවේ භාණ්ඩාගාරය ද සතු වන්නේ අල්ලාහ්ට පමණය. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට එම සම්පත් පිරිනමනු ඇත. නමුත් පෝෂණ සම්පත්හි භාණ්ඩාගාරය ඔහු සතු ව ඇති බව කුහකයින් නොදනිති.