Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Taghabun — Ayah 6

ذَٰلِكَ بِأَنَّهُۥ كَانَت تَّأۡتِيهِمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَقَالُوٓاْ أَبَشَرٞ يَهۡدُونَنَا فَكَفَرُواْ وَتَوَلَّواْۖ وَّٱسۡتَغۡنَى ٱللَّهُۚ وَٱللَّهُ غَنِيٌّ حَمِيدٞ ٦
ඔවුනට අත් වූ එම දඬුවම වනාහි, එය ඔවුනට අත් වූයේ ඔවුන්ගේ දූතවරු අල්ලාහ් අබියසින් පැහැදිලි සාක්ෂි හා සාධක ඔවුන් වෙත ගෙන ආ විට, ඔවුන් මිනිස් වර්ගයා අතරින් එම දූතයා පත් වීම හෙළා දකිමින්, ‘සත්ය වෙත අපට මග පෙන්වා සිටිනුයේ මිනිසෙකු දැ?’යි විමසා සිටියෝය. ඔවුන් විශ්වාස කිරීමෙන් වැළකී සිටියෝය. එය පිටුපෑවෝය. ඔවුන් අල්ලාහ්ට කිසිදු හිංසාවක් කළ නොහැක. ඔවුන්ගේ විශ්වාසය හෝ ඔවුන්ගේ අවනතභාවය අල්ලාහ්ට කිසිදු අවශ්යතාවක් නැත. සැබැවින්ම ඔවුන් අවනත වීම ඔහුට කිසිවක් වර්ධනය කරන්නේ නැත. අල්ලාහ් අවශ්යතාවෙන් තොරය. ඔහුගේ ගැත්තන් වෙත අවශ්යතාවක් නැත්තාය. ඔහුගේ ප්රකාශ හා ක්රියාවන්හි ඔහු ප්රශංසා ලාබීය.