Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Taghabun — Ayah 7

زَعَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَن لَّن يُبۡعَثُواْۚ قُلۡ بَلَىٰ وَرَبِّي لَتُبۡعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلۡتُمۡۚ وَذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ٧
අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්, තම මරණයෙන් පසු යළි ජීවමාන ලෙස අල්ලාහ් අවදි නොකරන්නේ යැයි විශ්වාස කළෝය. අහෝ දූතය! යළි අවදි කරනු ලැබීම හෙළා දකින්නන්හට නුඹ මෙසේ පවසනු. එසේය, මළවුන් කෙරෙන් නැවත නැගිටුවනු ලබන දිනයේ මාගේ පරමාධිපති යළි අවදි කිරීම නියතය. පසු ව නුඹලා මෙලොවෙහි සිදු කළ දෑ ගැන තොරතුරු ඔහු දන්වා සිටියි. එසේ යළි අවදි කරවීම අල්ලාහ්ට පහසු කාර්යයකි. සැබැවින්ම ඔහු නුඹලා මුල් වරට මැව්වේ ය. ඔහු නුඹලාගේ මරණයෙන් පසු විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලාව ජීවමානව අවදි කිරීමට බලය ඇත්තාය.