Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Taghabun — Ayah 9

يَوۡمَ يَجۡمَعُكُمۡ لِيَوۡمِ ٱلۡجَمۡعِۖ ذَٰلِكَ يَوۡمُ ٱلتَّغَابُنِۗ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ وَيَعۡمَلۡ صَٰلِحٗا يُكَفِّرۡ عَنۡهُ سَيِّـَٔاتِهِۦ وَيُدۡخِلۡهُ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ٩
නුඹලාගේ ක්රියාවන් සඳහා නුඹලාට ප්රතිඵල පිරිනමනු පිණිස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් නුඹලාව එක්රැස් කරන අවස්ථාව ගැන මෙනෙහි කර බලනු. එදින දෙවියන් විශ්වාස කරන්නන් ස්වර්ගයේ ඇති නිලයන් උරුම කර ගැනීමෙන් හා ප්රතික්ෂේප කළ නිරාවාසීන් අපා ගින්නේ නිලයන් උරුම කර ගැනීමෙන් දෙවියන් ප්රතික්ෂේප කළවුන්ගේ අලාභය හා පාඩුව කෙතරම් දැයි හෙළි වනු ඇත. කවරෙකු අල්ලාහ් විශ්වාස කර දැහැමි ක්රියාවන් සිදු කරන්නේ ද අල්ලාහ් ඔහුගේ පාපකම් ඔහුගෙන් ඉවත් කරනු ඇත. ස්වර්ග මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන්වලට ඔහු ව ඇතුළත් කරනු ඇත. ඔවුහු එහි සදාකල් වෙසෙති. එයින් ඔවුන් බැහැර නොවෙති. එහි ඇති සුවපහසුකම් ඔවුන්ගෙන් වෙන් වී නොයයි. ඔවුන් අත්පත් කර ගත් එය කිසිදු ජයග්රයණයකට සමීප කළ නො හැකි අතිමහත් ජයග්රහණයයි.