Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Tahrim — Ayah 10

ضَرَبَ ٱللَّهُ مَثَلٗا لِّلَّذِينَ كَفَرُواْ ٱمۡرَأَتَ نُوحٖ وَٱمۡرَأَتَ لُوطٖۖ كَانَتَا تَحۡتَ عَبۡدَيۡنِ مِنۡ عِبَادِنَا صَٰلِحَيۡنِ فَخَانَتَاهُمَا فَلَمۡ يُغۡنِيَا عَنۡهُمَا مِنَ ٱللَّهِ شَيۡـٔٗا وَقِيلَ ٱدۡخُلَا ٱلنَّارَ مَعَ ٱلدَّٰخِلِينَ ١٠
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුනට උපමාවක් වශයෙන් -දේව විශ්වාසීන් සමග සබැඳියාවක් තිබුණද එම තත්ත්වය ප්රයෝජනවත් නොවන- අල්ලාහ්ගේ නබිවරුන් දෙදෙනෙකුගේ බිරින්දෑවරු දෙදෙනෙක් උපමා වශයෙන් අල්ලාහ් ඉදිරිපත් කරයි. ඔවුන් දෙදෙනා දැහැමි ගැත්තන් දෙදෙනෙකුගේ බිරියන් දෙදෙනෙකු වූවෝය. නමුත් ඔවුන් දෙදෙනාගේ බිරියන් දෙදෙනා වංචා කළෝය. එය අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා වැළැක්වීමෙන් හා දෙවියන් ප්රතික්ෂේප කරන ජනයාට උදව් කරන්නන් ලෙස සිටීමෙනි. ඔවුන් දෙදෙනා දැහැමි ගැත්තන් දෙදෙනෙකු සතු බිරියන් වීමෙන් ඔවුන් දෙදෙනාට කිසිදු ඵලක් නොවීය. ‘නුඹලා දෙදෙනා ද ප්රචණ්ඩකාරී දේව ප්රතික්ෂේපක පිරිස සමගම නිරයට ඇතුළු වනු’ යැයි ඔවුන් දෙදෙනාට පවසනු ලැබීය.