Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Tahrim — Ayah 12

وَمَرۡيَمَ ٱبۡنَتَ عِمۡرَٰنَ ٱلَّتِيٓ أَحۡصَنَتۡ فَرۡجَهَا فَنَفَخۡنَا فِيهِ مِن رُّوحِنَا وَصَدَّقَتۡ بِكَلِمَٰتِ رَبِّهَا وَكُتُبِهِۦ وَكَانَتۡ مِنَ ٱلۡقَٰنِتِينَ ١٢
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව විශ්වාස කළවුනට තම රහස්ය පෙදෙස දුරාචාරයෙන් ආරක්ෂා කරගත් ඉම්රාන්ගේ දියණිය වූ මරියම් තුමියගේ තත්ත්වය උදාහරණ ලෙස දක්වා ඇත. අල්ලාහ් ඇය තුළ පිඹින මෙන් ජිබ්රීල් තුමාට නියෝග කළේය. එවිට අල්ලාහ්ගේ බලයෙන් කිසිදු පියකුගෙන් තොරව මර්යම්ගේ පුත් ඊසාව ඇය ඉසිලුවාය. ඇය අල්ලාහ්ගේ පිළිවෙත් මෙන්ම ඔහුගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ ඔහුගේ ලේඛන සත්ය බව තහවුරු කළාය. ඇය අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට අවනත වන්නන් අතරින් වූවාය.