Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Tahrim — Ayah 8

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ تُوبُوٓاْ إِلَى ٱللَّهِ تَوۡبَةٗ نَّصُوحًا عَسَىٰ رَبُّكُمۡ أَن يُكَفِّرَ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَيُدۡخِلَكُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ يَوۡمَ لَا يُخۡزِي ٱللَّهُ ٱلنَّبِيَّ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥۖ نُورُهُمۡ يَسۡعَىٰ بَيۡنَ أَيۡدِيهِمۡ وَبِأَيۡمَٰنِهِمۡ يَقُولُونَ رَبَّنَآ أَتۡمِمۡ لَنَا نُورَنَا وَٱغۡفِرۡ لَنَآۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٨
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ ක්රියාවට නංවන්නනි! නුඹලාගේ පාපකම් සඳහා අල්ලාහ් වෙත සැබෑ අයුරින් පශ්චාත්තාප වී යොමු වන්න. නුඹලාගේ පරමාධිපති නුඹලාගේ පාපකම් නුඹලාගෙන් පහ කරනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන්වලට නුඹලා ව ඇතුළත් කරනු ඇත. එදින අල්ලාහ්, නබිවරයා හා එතුමා සමග සිටි දේව විශ්වාසී ජනයා නිරයට ඇතුළත් කිරීමෙන් ඔවුන් අපහාසයට පත් නොකරන දිනයකි. ඔවුන්ගේ ආලෝකය ඔවුන් ඉදිරියෙන් ද ඔවුන්ගේ දකුණු පසින් ද සිරාත් නම් පාළම මත සැරිසරයි. ඔවුහු: ‘අපගේ පරමාධිපතියාණෙනි, අපි ස්වර්ගයට පිවිසෙන තෙක් අපගේ ආලෝකය අප වෙනුවෙන් පූර්ණවත් කර දෙනු මැනව. සිරාත් පාළම මත තම ආලෝකය නිවාගන්නා කුහකයින් මෙන් අප නොවන්නෙමු. අපගේ පාපකම් සඳහා අපට සමාව දෙනු මැනව! සැබැවින්ම ඔබ සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. අපගේ ආලෝකය පූර්ණවත් කිරීමට හා අපගේ පාපයන් කමා කිරීමට ඔබ හැකියාව නොමැත්තෙකු නොවේ.