Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Muddaththir — Ayah 31

وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ ٣١
නිරයේ භාරකරුවන් ලෙස මලක්වරුන් මිස වෙනත් කිසිවෙකු අපි පත් නො කළෙමු. එහෙයින් මිනිස් වර්ගයාට ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට කිසිදු ශක්තියක් නැත. ඔවුන්ගේ සංඛ්යාව අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන් හට පරීක්ෂණයක් ලෙසින් මිස පත් නො කළෙමු. එය ඔවුන් පවසන දෑ පවසා ඒ හේතුවෙන් ඔවුන් මත දඬුවම ගුණ කර දෙනු ලබන පිණිසය. තවද තව්රාතය දෙනු ලැබූ යුදෙව්වන් හා ඉන්ජීලය දෙනු ලැබූ කිතුනුවන් ඔවුන්ගේ එම ග්රන්ථ තහවුරු කරමින් අල් කුර්ආනය පහළ වන අවස්ථාවේ ඔවුන් දැඩි සේ විශ්වාස කරනු පිණිසය. තවද දෙවියන් විශ්වාස කරන්නන් ආගම් ලත් ජනයා සමග අනුගත වන විට ඔවුන්ගේ විශ්වාසය වර්ධනය වී යුදෙව්වන් කිතුනුවන් හා දෙවියන් විශ්වාස කරන්නන් ඒ ගැන සැක ඇති කර නො ගනු පිණිසය. දේව විශ්වාසය තුළ දෙගිඩියාවෙන් පෙළෙන්නන් හා දෙවියන් ප්රතික්ෂේප කරන්නන්, ‘මෙම සුලබ සංඛයාවකින් අල්ලාහ් අපේක්ෂා කරනුයේ කුමක් ද?' යැයි විමසා සිටිනු පිණිසය. මෙම සංඛ්යාව පිටු දකින්නා නොමග යෑමත්, එය තහවුරු කරන්නාට මග ලැබීමත්, මෙහි උදාහරණ ලෙස දක්වා ඇත. අල්ලාහ් නොමග යැවීමට අභිමත කරන්නන් නොමග යන්නට ඉඩ හරිනු ඇත. එමෙන්ම යහමග පෙන්වීමට අපේක්ෂා කරන්නන් යහමග යොමු කරනු ඇත. ඔබේ පරමාධිපතිගේ සේනාවේ අධිකත්වය ඔහු හැර වෙනත් කිසිවෙකු නො දනී. නිරා ගින්න මිනිස් වර්ගයාට මෙනෙහි කිරීමක් මිස නැත. එමගින් ඔවුහු පාරිශුද්ධ වූ අල්ලාහ්ගේ බල මහිමය හඳුනා ගනු ඇත.