Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 10

إِنَّ ٱلَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ ٱللَّهَ يَدُ ٱللَّهِ فَوۡقَ أَيۡدِيهِمۡۚ فَمَن نَّكَثَ فَإِنَّمَا يَنكُثُ عَلَىٰ نَفۡسِهِۦۖ وَمَنۡ أَوۡفَىٰ بِمَا عَٰهَدَ عَلَيۡهُ ٱللَّهَ فَسَيُؤۡتِيهِ أَجۡرًا عَظِيمٗا ١٠
අහෝ ධර්ම දූතය! දෙවියන්ට ආදේශ කරන මක්කා වාසීන් සමග යුද වදින බවට රිළ්වාන් ගිවිසුම සම්බන්ධයෙන් නුඹට ප්රතිඥා දුන් අය වනාහි, සැබැවින්ම ඔවුන් එසේ ප්රතිඥා කර ඇත්තේ අල්ලාහ්ටය. හේතුව දේව ආදේශකයින් සමග සටන් කරන මෙන් ඔවුනට නියෝග කළේ ඔහුය. ඔවුනට ප්රතිඵල පිරිනමනුයේ ද ඔහුය. ප්රතිඥා දෙන අවස්ථාවේ ඔවුන්ගේ අත්වලට ඉහළින් අල්ලාහ්ගේ අත විය. ඔහු ඔවුන් කෙරෙහි බලා සිටින්නාය. ඔවුන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. කවරෙකු තම ප්රතිඥාව කඩ කර අල්ලාහ්ගේ දහමට සහයෝගය දෙන මෙන් කළ පොරොන්දුව ඉටු නොකළේ ද එසේ ඔහුගේ ප්රතිඥාව කඩ කිරීමේ හා ගිවිසුම උල්ලංඝණය කිරීමේ හානිය ඔහු වෙතම නැවත හැරී එනු ඇත. එය අල්ලාහ්ට කිසිදු හානියක් ඇති නොකරයි. අල්ලාහ්ගේ දහමට සහයෝගය දෙන මෙන් කළ පොරොන්දුව කවරෙකු ඉටු කළේද ඔහු ඔහුට අතිමහත් ප්රතිඵල පිරිනමනු ඇත. එය ස්වර්ගයයි.