Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 11

سَيَقُولُ لَكَ ٱلۡمُخَلَّفُونَ مِنَ ٱلۡأَعۡرَابِ شَغَلَتۡنَآ أَمۡوَٰلُنَا وَأَهۡلُونَا فَٱسۡتَغۡفِرۡ لَنَاۚ يَقُولُونَ بِأَلۡسِنَتِهِم مَّا لَيۡسَ فِي قُلُوبِهِمۡۚ قُلۡ فَمَن يَمۡلِكُ لَكُم مِّنَ ٱللَّهِ شَيۡـًٔا إِنۡ أَرَادَ بِكُمۡ ضَرًّا أَوۡ أَرَادَ بِكُمۡ نَفۡعَۢاۚ بَلۡ كَانَ ٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرَۢا ١١
අහෝ දූතය! මක්කාව වෙත නුඹ යන ගමනේ නුඹ සමග යෑමට පසුබැස්සා වූ අරාබිවරුන් හට ඔබ දොස් නගන විට ඔවුහු නුඹට, ‘අපගේ සම්පත් රැක ගැනීමේ හා අපගේ දරුවන් රැක ගැනීමේ කටයුතුවල අපි කාර්ය බහුල වූ බැවින් නුඹ සමග යන්නට නොහැකි විය. එහෙයින් අපගේ පාපකම් සඳහා නුඹ අප වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටිනු’ යැයි පවසනු ඇත. ඔවුන්ගේ හදවත් තුළ නැති දෑ මුවින් ප්රකාශ කරමින් ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටින මෙන් ඔවුහු නබි තුමාගෙන් ඉල්ලා සිටිති. නමුන් ඔවුහු ඔවුන්ගේ පාපකම් සඳහා සමාව ඉල්ලා නොසිටිති. නුඹ ඔවුනට, ‘නුඹලාට යම් යහපත් අල්ලාහ් අභිමත කළේ නම් හෝ නුඹලාට යම් අයහපතක් ඔහු අභිමත කළේ නම් හෝ අල්ලාහ් වෙතින් ඒ කිසිවක් කිසිවකු විසින් නුඹලාට සතු කර දීමට නො හැකිය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ තොරතුරු අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලා සිදු කරන ක්රියාවන් නුඹලා සඟවා සිටිය ද ඒ ගැන කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.