Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 12

بَلۡ ظَنَنتُمۡ أَن لَّن يَنقَلِبَ ٱلرَّسُولُ وَٱلۡمُؤۡمِنُونَ إِلَىٰٓ أَهۡلِيهِمۡ أَبَدٗا وَزُيِّنَ ذَٰلِكَ فِي قُلُوبِكُمۡ وَظَنَنتُمۡ ظَنَّ ٱلسَّوۡءِ وَكُنتُمۡ قَوۡمَۢا بُورٗا ١٢
දරුවන් හා සම්පත් රැක බලා ගැනීමේ කටයුතුවල කාර්යබහුල වීම හේතුවෙන් එතුමා සමග නුඹලා ගමන් කිරීමට පසුබට වූ බව නිදහසට කරුණු දක්වා සිටින දෑ එසේ නැත. නමුත් නුඹලා සැබැවින්ම දූතයාණන් හා ඔහුගේ මිතුරන් සියලු දෙනා විනාශ වී යනු ඇතැයි ද, ඔවුන් නැවත මදීනාවේ විසූ ඔවුන්ගේ නිවැසියන් වෙත නොපැමිණෙනු ඇතැයි ද සිතුවෙහුය. නුඹලාගේ හදවත් තුළ ෂෙයිතාන් එය අලංකාරවත් කළේය. සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ඔහුගේ නබිවරයාට උදව් නොකරන්නේ යැයි ඔහු ගැන නරක සිතුවිල්ලක් ඇති කර ගත්තෙහුය. අල්ලාහ් ගැන තැබූ නපුරු සිතුවිලි හා ඔහුගේ දූතයාණන්ගෙන් පසුබසිමින් නුඹලා කවර කරුණක් ඉදිරිපත් කළේ ද ඒ හේතුවෙන් නුඹලා විනාශකාරී පිරිසක් බවට පත්වූයෙහුය.