Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 16

قُل لِّلۡمُخَلَّفِينَ مِنَ ٱلۡأَعۡرَابِ سَتُدۡعَوۡنَ إِلَىٰ قَوۡمٍ أُوْلِي بَأۡسٖ شَدِيدٖ تُقَٰتِلُونَهُمۡ أَوۡ يُسۡلِمُونَۖ فَإِن تُطِيعُواْ يُؤۡتِكُمُ ٱللَّهُ أَجۡرًا حَسَنٗاۖ وَإِن تَتَوَلَّوۡاْ كَمَا تَوَلَّيۡتُم مِّن قَبۡلُ يُعَذِّبۡكُمۡ عَذَابًا أَلِيمٗا ١٦
අහෝ දූතය! නුඹ සමග මක්කාහ්ව වෙත යෑමට ප්රමාද වූ ගැමි අරාබිවරුන්හට පරීක්ෂණයක් වශයෙන් නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘යුද්ධයේදී බලවත් පිරිසක් සමග සටන් වදින්නට ඉදිරියේ දී නුඹලා කැඳවනු ලබන්නෙහුය. නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු ඇත. එසේ නැතහොත් කිසිදු යුද්ධයකින් තොරවම ඔවුන් දහම තුළට පිවිසෙනු ඇත. ඔවුන් සමග යුද වදින්නට නුඹලාට ඇරයුම් කරන විට නුඹලා අල්ලාහ්ට අවනත වනු. අල්ලාහ් නුඹලාට දැහැමි කුසල් පිරිනමනු ඇත. එය ස්වර්ගයයි. මක්කාහ්ව වෙත නබි තුමාණන් සමග යෑමට නුඹලා ප්රමාද වූ අවස්ථාවේ එයින් නුඹලා හැරුණාක් මෙන් මෙවර ද නුඹලා ඔහුට අවනත වීමෙන් හැරී යන්නෙහු නම් අල්ලාහ් නුඹලාට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත.