Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 15

سَيَقُولُ ٱلۡمُخَلَّفُونَ إِذَا ٱنطَلَقۡتُمۡ إِلَىٰ مَغَانِمَ لِتَأۡخُذُوهَا ذَرُونَا نَتَّبِعۡكُمۡۖ يُرِيدُونَ أَن يُبَدِّلُواْ كَلَٰمَ ٱللَّهِۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمۡ قَالَ ٱللَّهُ مِن قَبۡلُۖ فَسَيَقُولُونَ بَلۡ تَحۡسُدُونَنَاۚ بَلۡ كَانُواْ لَا يَفۡقَهُونَ إِلَّا قَلِيلٗا ١٥
අහෝ දෙවියන් විශ්වාස කළවුනි! හුදෙයිබා ගිවිසුමෙන් පසු ව අල්ලාහ් නුඹලාට ප්රතිඥා දුන් කයිබර්හි සතුරන් විසින් දමා ගිය භාණ්ඩ ගැනීම සඳහා, නුඹලා ගමන් ගන්නා විට ‘ඒවායින් කොටසක් ලබා ගැනීම සඳහා නුඹලා සමග අප ද පිටත් වන්නට අපට ඉඩ හරිනු’ යැයි යුද්ධයෙන් පසුබැස්සවුන් පවසා සිටිනු ඇත. හුදෙයිබිය්යා ගිවිසුමෙන් පසුව කයිබර් යුද්ධයේ සතුරා විසින් දමා ගිය භාණ්ඩ ඔවුනට පිරිනමන බවට අල්ලාහ් කවර කරුණක් දේව විශ්වාසීන්හට ප්රතිඥා කළේ ද එය ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුනට පරිවර්තනය කර දෙනු ඇතැයි යුද්ධයෙන් පසුබැස්සවුන් සිතුවෝය. අහෝ ධර්ම දූතය! නුඹ ඔවුනට, ‘එම යුද පිටියේ සතුරා විසින් දමා ගිය භාණ්ඩ ගැනීම සඳහා නුඹලා අප සමග නොඑනු. සැබැවින්ම කයිබර් යුද්ධයේ යුධ භාණ්ඩ විශේෂයෙන් හුදෙයිබිය්යා ගිවිසුමට සහභාගී වූ අයට පමණක් යැයි අල්ලාහ් ප්රතිඥා දී ඇත’ යැයි පවසනු. එවිට ඔවුහු, ‘කයිබර් වෙත නුඹලා පසුපසින් පැමිණීමෙන් අපව වළක්වාලීයේ අල්ලාහ්ගෙන් වූ නියෝගයකට නොව, නුඹලා අප මත තබා ඇති ඊර්ෂ්යාව හේතුවෙනි’ යැයි පවසති. එම පසුබැස්සවුන් සිතන පරිදි එම කරුණ නැත. ඔවුහු අල්ලාහ්ගේ නියෝග හා ඔහු තහනම් කළ දෑ වටහා ගනුයේ ස්වල්පයක් පමණි. එහෙයින් ඔවුහු පාපයෙහි වැටුණෝය.