Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 2

لِّيَغۡفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعۡمَتَهُۥ عَلَيۡكَ وَيَهۡدِيَكَ صِرَٰطٗا مُّسۡتَقِيمٗا ٢
මෙම ජයග්රහණයට පෙර නුඹ කලින් සිදු කළ පාපයන් හා ඉන් පසුව සිදු කළ පාපයන් සඳහා අල්ලාහ් නුඹට සමාව දෙනු පිණිසය. නුඹේ දහමට උදව් කරමින් නුඹ වෙත ඔහු පිරිනැමූ ඔහුගේ ආශිර්වාද පූර්ණවත් කරනු පිණිසය. එමෙන්ම කිසිදු ඇදයක් නැති ඍජු මාර්ගය වෙත ඔහු නුඹට මග පෙන්වනු පිණිසය. එය ඍජු ඉස්ලාමීය මාර්ගයයි.