Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 24

وَهُوَ ٱلَّذِي كَفَّ أَيۡدِيَهُمۡ عَنكُمۡ وَأَيۡدِيَكُمۡ عَنۡهُم بِبَطۡنِ مَكَّةَ مِنۢ بَعۡدِ أَنۡ أَظۡفَرَكُمۡ عَلَيۡهِمۡۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرًا ٢٤
හුදෙයිබිය්යා හි නුඹලාට නපුරක් කිරීමේ බලාපොරොත්තුවෙන් දේව ආදේශකයින්ගෙන් අසූවක් දෙනෙකු පමණ පිරිසක් පැමිණි විට ඔවුන්ගේ අත් නුඹලාගෙන් වළක්වා, නුඹලාගේ අත් ඔවුන්ගෙන් වළක්වා නුඹලා ඔවුන්ව ඝාතනය නොකර, ඔවුනට හිංසාවක් නොකර මුදා හරින්නට සැළැස්වූයේ අල්ලාහ්ය. ඔවුන්ව සිරභාරයට ගැනීමට නුඹලාට බලය ලබා දීමෙන් පසුව නුඹලා ඔවුන් යන්නට ඉඩ හැරියෙහුය. සැබැවින්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.