Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 25

هُمُ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّوكُمۡ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَٱلۡهَدۡيَ مَعۡكُوفًا أَن يَبۡلُغَ مَحِلَّهُۥۚ وَلَوۡلَا رِجَالٞ مُّؤۡمِنُونَ وَنِسَآءٞ مُّؤۡمِنَٰتٞ لَّمۡ تَعۡلَمُوهُمۡ أَن تَطَـُٔوهُمۡ فَتُصِيبَكُم مِّنۡهُم مَّعَرَّةُۢ بِغَيۡرِ عِلۡمٖۖ لِّيُدۡخِلَ ٱللَّهُ فِي رَحۡمَتِهِۦ مَن يَشَآءُۚ لَوۡ تَزَيَّلُواْ لَعَذَّبۡنَا ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ عَذَابًا أَلِيمًا ٢٥
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කොට නුඹලා ව හරම් දේවස්ථානයෙන් වැළැක්වූයේ ඔවූහය. එවිට එම සත්ව කැපයන් හරම් දේවස්ථානය වෙත ගෙන යාමෙන් වළක්වන ලදී. අල්ලාහ්ව විශ්වාස කළ පිරිමින් හා විශ්වාස කළ කාන්තාවන් මක්කාහ් භූමියේ නොවී නම් මක්කාහ් ජයග්රහණයේ ඒ සඳහා නුඹලාට ඔහු අවසර දෙන්නට තිබුණි. නුඹලා ඔවුන් ගැන නොදැනුවත්වම දේව ප්රතික්ෂේපකයින් සමගම මරා දමනු ඇත. එවිට නුඹලාට නොදැනුවත් කමින් ඔවුන් මරා දැමූ පාපය හා වන්දිය නුඹලාට අත් වනු ඇත. (එසේ සිදු කළේ) අල්ලාහ් ඔහුගේ කරුණාව තුළට මාක්කාවේ සිටි දේව විශ්වාසීන් මෙන් ඔහු අභිමත කරන අය ඇතුළත් කරනු පිණිසය. මක්කාහ්වේ දෙවියන් ප්රතික්ෂේප කළවුන් දේව විශ්වාසීන්ගෙන් වෙන් ව සිටියේ නම් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කළවුනට දැඩි වේදනා සහිත දඬුවමකින් අපි ඔවුන් දඬුවම් කරන්නට තිබුණි.