Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 26

إِذۡ جَعَلَ ٱلَّذِينَ كَفَرُواْ فِي قُلُوبِهِمُ ٱلۡحَمِيَّةَ حَمِيَّةَ ٱلۡجَٰهِلِيَّةِ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلۡمُؤۡمِنِينَ وَأَلۡزَمَهُمۡ كَلِمَةَ ٱلتَّقۡوَىٰ وَكَانُوٓاْ أَحَقَّ بِهَا وَأَهۡلَهَاۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا ٢٦
එවිට අල්ලාහ්ව හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ සිත් තුළ සත්යය සාක්ෂාත් කර ගැනීම හා සම්බන්ධ නොව තම ආශාවන් හා බැඳුණු අඥාන කාලයේ පැවති පිළිකුල මෙන් පිළිකුලක් ඇති කර ගත්තෝය. හුදෙයිබිය්යා වසරේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පිවිසුණේ නම් එතුමා ඔවුන් අබිබවා ගිය බවට ඔවුන් අපහාස විඳීමට බියෙන් එතුමා එහි පිවිසීම ඔවුන් පිළිකුල් කළෝය. එවිට අල්ලාහ් ඔහුගේ දූතයාණන් වෙත තැන්පත්භාවය පහළ කළේය. දේව විශ්වාසීන් වෙතත් එය පහළ කළේය. දේව ආදේශකයින් සිදු කළාක් මෙන් ඔවුන් හමුවීමට ඔවුන් මත වූ කෝපය කිසිවක් කළේ නැත. දේව විශ්වාසීන් වෙත සත්යයේ ප්රකාශය ස්ථාවර කළේය. එය ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත- යන ප්රකාශයයි. එහි උරුමය අනුව කටයතු කිරීමට ද අනිවාර්යය කළේය. එවිට ඔවුහු ඒ අනුව කටයුතු කළෝය. මෙම ප්රකාශයට වෙනත් අයට වඩා දේව විශ්වාසීන් සුදුස්සන් වූහ. ඔවුන්ගේ හදවත් තුළ ඇති යහපත අල්ලාහ් දන්නා බැවින් එයට සුදුස්සන් බවට ඔහු ඔවුන් පත් කළේය. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානී විය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.