Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 6

وَيُعَذِّبَ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡمُشۡرِكِينَ وَٱلۡمُشۡرِكَٰتِ ٱلظَّآنِّينَ بِٱللَّهِ ظَنَّ ٱلسَّوۡءِۚ عَلَيۡهِمۡ دَآئِرَةُ ٱلسَّوۡءِۖ وَغَضِبَ ٱللَّهُ عَلَيۡهِمۡ وَلَعَنَهُمۡ وَأَعَدَّ لَهُمۡ جَهَنَّمَۖ وَسَآءَتۡ مَصِيرٗا ٦
කුහකයින් හා කුහක කාන්තාවන්ට ඔහු දඬුවම් කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ දහමට උදව් නොකරයි, ඔහුගේ ප්රකාශය උසස් නොකරයි යැයි සිතා ඔහුට ආදේශ තැබූවන් හා එසේ ආදේශ තැබූ කාන්තාවන්ට ද ඔහු දඬුවම් කරනු ඇත. දඬුවමේ කවය පුරුදු පරිදි ඔවුනට අත් විය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන්ගේ නපුරු සිතුවිලි හේතුවෙන් අල්ලාහ් ඔවුන් කෙරෙහි කෝප විය. ඔහුගේ ආශිර්වාදයෙන් ඔහු ඔවුන් නෙරපා දැමීය. ඔවුන් වෙනුවෙන් මතුලොවෙහි නිරය සුදානම් කළේය. ඔවුන් එහි පිවිස සදාකල් වෙසෙනු ඇත. ඔවුන් යොමු කරනු ලබන ස්ථානයෙන් නිරය නපුරු විය.