Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hujurat — Ayah 11

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا يَسۡخَرۡ قَوۡمٞ مِّن قَوۡمٍ عَسَىٰٓ أَن يَكُونُواْ خَيۡرٗا مِّنۡهُمۡ وَلَا نِسَآءٞ مِّن نِّسَآءٍ عَسَىٰٓ أَن يَكُنَّ خَيۡرٗا مِّنۡهُنَّۖ وَلَا تَلۡمِزُوٓاْ أَنفُسَكُمۡ وَلَا تَنَابَزُواْ بِٱلۡأَلۡقَٰبِۖ بِئۡسَ ٱلِٱسۡمُ ٱلۡفُسُوقُ بَعۡدَ ٱلۡإِيمَٰنِۚ وَمَن لَّمۡ يَتُبۡ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ ١١
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට; ඔහු ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලා අතරින් පිරිසක් තවත් පිරිසක් හෑල්ලුවට නොගත යුතුය. එසේ හෑල්ලුවට ලක් කරනු ලබන්නන් අල්ලාහ් ඉදිරියේ යහපත් විය හැක. සැලකිල්ලට ගනු ලබන්නනේ අල්ලාහ් අබියස ඇති දැයිනි. එමෙන්ම කාන්තාවන් තවත් කාන්තා පිරිසක් හෑල්ලුටව නොගත යුතුය. එසේ හෑල්ලුවට ලක් කරනු ලබන ඔවුන් අල්ලාහ් අබියස උතුම් විය හැක. නුඹලාගේ සහෝදරයින් නුඹලාගේ තත්ත්වයේම සිටියදී නුඹලා ඔවුනට දොස් නොනගනු. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැමිණීමට පෙර ඇතැම් අන්සාරිවරුන්ගේ තත්ත්වය පිහිටා තිබූ අයුරින් යමෙකු පිළිකුල් කරන පටබැඳි නාමයෙන් එකිනෙකා ආමන්ත්රණය නොකළ යුතුය. කවරෙකු එසේ ක්රියා කළේද ඔහු දුෂ්ඨයෙකි. දේව විශ්වාසයෙන් පසුව පවතින දුෂ්ඨ ගුණාංගය ඉතාමත් නපුරුය. කවරෙකු එම පාපයෙන් සමාව ඇයැද නොසිටියේ ද ඔවුන් සිදු කළ පාපකම් හේතුවෙන් විනාශයේ කරුණු ගෙනැවිත් තමන්ටම අපරාධකරගත් අය වන්නෝය.