Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hujurat — Ayah 10

إِنَّمَا ٱلۡمُؤۡمِنُونَ إِخۡوَةٞ فَأَصۡلِحُواْ بَيۡنَ أَخَوَيۡكُمۡۚ وَٱتَّقُواْ ٱللَّهَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ ١٠
දේව විශ්වාසීහු ඉස්ලාමය තුළ සහෝදරයෝ වෙති. එහෙයින් දේව විශ්වාසියනි! ගැටුම් ඇතිකරගත් නුඹලාගේ සහෝදරයින් දෙපිරිසක් අතර සමාදානය ඇති කිරීමට නුඹලා බැඳී සිටින්නෙහුය. නුඹලා කරුණාව ලැබීමේ යහපත් අපේක්ෂාවෙන් අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරනු.