Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hujurat — Ayah 9

وَإِن طَآئِفَتَانِ مِنَ ٱلۡمُؤۡمِنِينَ ٱقۡتَتَلُواْ فَأَصۡلِحُواْ بَيۡنَهُمَاۖ فَإِنۢ بَغَتۡ إِحۡدَىٰهُمَا عَلَى ٱلۡأُخۡرَىٰ فَقَٰتِلُواْ ٱلَّتِي تَبۡغِي حَتَّىٰ تَفِيٓءَ إِلَىٰٓ أَمۡرِ ٱللَّهِۚ فَإِن فَآءَتۡ فَأَصۡلِحُواْ بَيۡنَهُمَا بِٱلۡعَدۡلِ وَأَقۡسِطُوٓاْۖ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُقۡسِطِينَ ٩
සැබැවින්ම දේව විශ්වාසීන් අතර එකිනෙකා ඇණ කොටා ගන්නා පිරිස් දෙකක් වී නම් අහෝ දේව විශ්වාසියනි! එම පිරිස් දෙක අතර ඔවුන් ඇති කර ගත් ගැටලුවෙහි අල්ලාහ් ආගමානුගත කළ නීතිය ක්රියාත්මක කරන මෙන් ඔවුන් දෙපිරිස අමතා සමාදානය ඇති කරනු. එම පිරිස් දෙකින් එක් පිරිසක් සමාදානය ප්රතික්ෂේප කොට සීමාව ඉක්මවා ගියේ නම් අල්ලාහ්ගේ නීතිය වෙත ඔවුන් නැවත හැරෙන තෙක් සීමාව ඉක්මවා ගියවුන් සමග සටන් කරනු. අල්ලාහ්ගේ නීතිය වෙත ඔවුන් හැරී ආවේ නම් නැවතත් යුක්තිය හා සාධාරණත්වය අනුව ඔවුන් දෙපිරිස අතර සමාදානය ඇති කරනු. ඔවුන් දෙපිරිස අතර නුඹලා නීති ක්රියාත්මක කිරීමේදී යුක්ති ගරුකව කටයුතු කරනු. සැබැවින් ඔවුන් අතර තීන්දු දීමෙහි සාධාරණීයත්වය අනුගමනය කරන්නන් අල්ලාහ් ප්රිය කරන්නේය.