Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hujurat — Ayah 13

يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّا خَلَقۡنَٰكُم مِّن ذَكَرٖ وَأُنثَىٰ وَجَعَلۡنَٰكُمۡ شُعُوبٗا وَقَبَآئِلَ لِتَعَارَفُوٓاْۚ إِنَّ أَكۡرَمَكُمۡ عِندَ ٱللَّهِ أَتۡقَىٰكُمۡۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٞ ١٣
අහෝ ජනයිනි, සැබැවින් අපි නුඹලාව එක පිරිමකුගෙන් -ඔහු නුඹලාගේ ආදි පියා ආදම්ය, එක මවකගෙන් -ඇය නුඹලාගේ ආදි මව හව්වාය- මැව්වෙමු. නුඹලාගේ පරම්පරාව එකමය. එහෙයින් නුඹලා එකිනෙකා පරම්පරාව ගැන උදම් නොඅනනු. ඉන්පසු අපි නුඹලාව බොහෝ ජන වාර්ගිකයින් හා විසිරී ජීවත් වන ගෝත්ර බවට පත් කළෙමු. එය නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස මිස උදම් අනන්නට නොවේ. ඊට හේතුව එකිනෙකා වෙනස් වනුයේ තක්වා හෙවත් දේව බිය හැඟීම පදනම් කර ගනිමිනි. එහෙයින් ඔහු, “අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියපැතිමත් වූවන්ය” යැයි පැවසීය. සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ තත්ත්වයන් පිළිබඳ මැනවින් දන්නාය. නුඹලා ඔහු සම්බන්ධයෙන් ඉටු කරන පූර්ණවත් හෝ අඩුපාඩු සහිත කටයුත්තක් වුව ද ඒ ගැන තොරතුරු හොදින්ම දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.