Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hujurat — Ayah 14

۞ قَالَتِ ٱلۡأَعۡرَابُ ءَامَنَّاۖ قُل لَّمۡ تُؤۡمِنُواْ وَلَٰكِن قُولُوٓاْ أَسۡلَمۡنَا وَلَمَّا يَدۡخُلِ ٱلۡإِيمَٰنُ فِي قُلُوبِكُمۡۖ وَإِن تُطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ لَا يَلِتۡكُم مِّنۡ أَعۡمَٰلِكُمۡ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ ١٤
ඇතැම් ගම්බද අරාබි ජනයා, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණි කල්හි, ඔවුහු “සැබැවින්ම අපි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළෙමු.” යැයි පවසති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. "නුඹලා විශ්වාස නො කළෙහුය. නමුත් නුඹලා, ‘අපි යටත් වූයෙමු. අවනත වූයෙමු’ යැයි පවසනු. නුඹලාගේ හදවත් තුළ දේව විශ්වාසය තවමත් ප්රවේශ වී නැත. එය ප්රවේශ වීම අපේක්ෂා කරනු ලබන්නකි. අහෝ ගම්බද අරාබිවරුනි! දේව විශ්වාසය, දැහැමි ක්රියාවන් හා තහනම් දැයින් වැළකී සිටීම යනාදී කරුණුවලදී නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනත වන්නෙහු නම් නුඹලාගේ ක්රියාවන් අතරින් කිසිදු කුසලක් අල්ලාහ් නුඹලාට අඩු කරන්නේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහු වෙත සමාව අයැද සිටින්නන්හට අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය."