Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hujurat — Ayah 2

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَرۡفَعُوٓاْ أَصۡوَٰتَكُمۡ فَوۡقَ صَوۡتِ ٱلنَّبِيِّ وَلَا تَجۡهَرُواْ لَهُۥ بِٱلۡقَوۡلِ كَجَهۡرِ بَعۡضِكُمۡ لِبَعۡضٍ أَن تَحۡبَطَ أَعۡمَٰلُكُمۡ وَأَنتُمۡ لَا تَشۡعُرُونَ ٢
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ අනුව පිළිපදින්නනි! ඔහුගේ දූතයාණන් සමග විනයානුකූලව හැසිරෙනු. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග කතා කරන අවස්ථාවේ එතුමාගේ හඬට වඩා උස් හඬින් නුඹලා කතා නො කරනු. නුඹලා එකිනෙකා අමතනවාක් මෙන් එතුමාගේ නාමය ප්රසිද්ධියේ ආමන්ත්රණය නොකරනු. එසේ කතා කිරීම තුළින් නුඹලාගේ ක්රියාවන්හි තිළිණ නුඹලා නොදැනුවත්වම විනාශ වී යනු ඇත. එහෙයින් ඒ ගැන බියෙන් නුඹලා එතුමාණන් සමග මෘදු ලෙස කතා කරනු. නබිත්වය හා දූතත්වය හා බැඳුණු නාමයන්ගෙන් එතුමාව අමතනු.