Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hujurat — Ayah 3

إِنَّ ٱلَّذِينَ يَغُضُّونَ أَصۡوَٰتَهُمۡ عِندَ رَسُولِ ٱللَّهِ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ ٱمۡتَحَنَ ٱللَّهُ قُلُوبَهُمۡ لِلتَّقۡوَىٰۚ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٌ عَظِيمٌ ٣
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ තම හඬවල් පහත් කර ගත් අය වනාහි, අල්ලාහ් පිළිබඳ බිය බැතිමත් භාවය හා ඒ ගැන අවංක භාවය නිසාවෙන් ඔවුන්ගේ හදවත් අල්ලාහ් පරීක්ෂණයට පත් කළවුන් වෙති. ඔවුන්ගේ පාපකම් සඳහා ඔවුනට සමාව ඇත. ඔවුන් වැරදිකරුවන් ලෙස ඔහු ඔවුන් හසු කරන්නේ නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අතිමහත් ප්රතිඵල ඇත. එය අල්ලාහ් ඔවුන් ස්වර්ගයට ඇතුලු කිරීමය.