Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hujurat — Ayah 6

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن جَآءَكُمۡ فَاسِقُۢ بِنَبَإٖ فَتَبَيَّنُوٓاْ أَن تُصِيبُواْ قَوۡمَۢا بِجَهَٰلَةٖ فَتُصۡبِحُواْ عَلَىٰ مَا فَعَلۡتُمۡ نَٰدِمِينَ ٦
අල්ලාහ්ව විශ්වාස කොට; ඔහු ආගමානුගත කළ දෑට අනුව ක්රියා කළවුනි! යම් පිරිසක් පිළිබඳ තොරතුරක් රැගෙන දුෂ්ඨයකු නුඹලා වෙත පැමිණියේ නම් ඔහුගේ තොරතුරෙහි නිවැරදි භාවය ගැන තහවුරු කර ගනු. කිසිදු සනාත කිරීමකින් තොර ව ඔහුගේ තොරතුර නුඹලා සත්ය බව පිළිගත් විට එම පිරිස පිළිබඳ යථාර්ථය නොදැනුවත්ව නුඹලා විසින් වරදක් එම සමූූූූූහයට සිදු විය හැකි බැවින් ඔහුව එකවර පිළිගැනීමට ඉක්මන් නොවනු. එවිට නුඹලා විසින් ඔවුනට යම් අභාග්යයක් සිදු වීමෙන් පසු ඔහුගේ තොරතුර බොරු බවට නුඹලාට පැහැදිලි වූ විට පසුතැවිලි වන්නන් බවට නුඹලා පත්වනු ඇත.