Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hujurat — Ayah 7

وَٱعۡلَمُوٓاْ أَنَّ فِيكُمۡ رَسُولَ ٱللَّهِۚ لَوۡ يُطِيعُكُمۡ فِي كَثِيرٖ مِّنَ ٱلۡأَمۡرِ لَعَنِتُّمۡ وَلَٰكِنَّ ٱللَّهَ حَبَّبَ إِلَيۡكُمُ ٱلۡإِيمَٰنَ وَزَيَّنَهُۥ فِي قُلُوبِكُمۡ وَكَرَّهَ إِلَيۡكُمُ ٱلۡكُفۡرَ وَٱلۡفُسُوقَ وَٱلۡعِصۡيَانَۚ أُوْلَٰٓئِكَ هُمُ ٱلرَّٰشِدُونَ ٧
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අතර අල්ලාහ්ගේ දූතයාණන් සිටින බවත්, ඔහු වෙත දේව පණිවිඩ පහළ වන බවත් නුඹලා දැනගනු. එහෙයින් නුඹලා බොරු කීමෙන් ප්රවේසම් වනු. නුඹලාගේ බොරුව ඔහු වෙත දන්වමින් දේව පණිවිඩ පහළ වනු ඇත. නුඹලාට යහපත ඇත්තේ කවර කරුණකදැ?යි ඔහු මැනවින් දන්නාය. නුඹලා යෝජනා කරන බොහෝ දේවල්හි ඔහු නුඹලාට අවනත වන්නේ නම් නුඹලා වෙනුවෙන් ඔහු පිළිනොගන්නා දුෂ්කරතාවන්ට නුඹලා වැටෙනු ඇත. නමුත් අල්ලාහ් ඔහුගේ භාග්යයෙන් නුඹලා වෙත ඊමාන් හෙවත් දේව විශ්වාසය ගැන ඇල්මක් ඇති කළේය. නුඹලාගේ හදවත් තුළ එය අලංකාරවත් කළේය. එහෙයින් නුඹලා විශ්වාස කළෙහුය. එමෙන්ම දේව ප්රතික්ෂේපය හා ඔහුට අවනත වීමෙන් බැහැර වීම ඔහු නුඹලාට පිළිකුල් කළේය. එමෙන්ම පාපකම් සිදු කිරීම ද නුඹලාට පිළිකුල් කළේය. මෙවන් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන් ඍජු හා නිවැරැදි මාර්ගයේ ගමන් කරන්නෝ වෙති.