Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 32

ٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلۡمَغۡفِرَةِۚ هُوَ أَعۡلَمُ بِكُمۡ إِذۡ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَإِذۡ أَنتُمۡ أَجِنَّةٞ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡۖ فَلَا تُزَكُّوٓاْ أَنفُسَكُمۡۖ هُوَ أَعۡلَمُ بِمَنِ ٱتَّقَىٰٓ ٣٢
මහා පාපකම් හා අශීලාචාර පාපක්රියාවලින් දුරස් වී, සුළු පාපකම් පමණක් සිදු කළවුන් වනාහි. ඔවුනට ඒ සඳහා සමාව ලැබෙනුයේ මහා පාපකම් අතහැර දැමීමෙන් හා අධික ලෙස අවනත වීමෙනි. අහෝ ධර්ම දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති අතික්ෂමාශීලීය. තම ගැත්තා ඒ ගැන පසුතැවිලි වී පාපක්ෂමාව අයැද සිටින්නේ නම් ඔහුට සමාව දෙනු ඇත. නුඹලාගේ පියාණන් ආදම්ව පසින් මැවූ අවස්ථාවේ ද, නුඹලාගේ මව් කුස තුළ නුඹලාව උසුලන්නට සළස්වා මැවීමකින් පසු තවත් මැවීමක් ලෙස මවනු ලබන අවස්ථාවේ ද, නුඹලාගේ කටයුතු හා නුඹලාගේ තත්ත්වයන් පිළිබඳ ශුද්ධවන්තයාණන් මැනවින් දැන සිටින්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එහෙයින්, නුඹලාගේ ආත්මයේ භක්තිමක් භාවය ගැන පැසසුමට ලක් කරමින් නුඹලා නුඹලාව ඇගයීමට ලක් නොකරනු. සැබැවින්ම ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් වූවන් කවුරුන්දැ?යි ශුද්ධවන්තයාණන් මැනවින් දන්නාය.