Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hashr — Ayah 14

لَا يُقَٰتِلُونَكُمۡ جَمِيعًا إِلَّا فِي قُرٗى مُّحَصَّنَةٍ أَوۡ مِن وَرَآءِ جُدُرِۭۚ بَأۡسُهُم بَيۡنَهُمۡ شَدِيدٞۚ تَحۡسَبُهُمۡ جَمِيعٗا وَقُلُوبُهُمۡ شَتَّىٰۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَعۡقِلُونَ ١٤
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! තාප්ප වලින් වටවුණු ගම්මානයක් තුළ සිට හෝ ප්රාකාරයක් පසුපස සිට හෝ මිස යුදෙව්වන් එක්වී නුඹලා සමග සටන් නොවදිති. ඔවුන්ගේ දුර්වලකම හේතුවෙන් නුඹලාට මුහුණ දීමට ඔවුනට නුපුළුවන. ඔවුන් අතර පවතින සතුරුකම හේතුවෙන් ඔවුන් තුළ වූ ව්යසනය බලවත්ය. සැබැවින්ම ඔවුන් එකම පාඨයක සිටින බවත්, ඔවුන්ගේ බලඇණිය එකම බවත් නුඹ සිතනු ඇත. නමුත් ඔවුන්ගේ හදවත් විරුද්ධ මත දරන බෙදුම්වාදීන් වෙති. එම මතභේද හා ප්රතිවිරෝධය ඔවුන් නිසි ලෙස අවබෝධකර නොගත් හේතුවෙනි. ඔවුන් අවබෝධ කර ගනිමින් සිටියෙහු නම් සත්යය වටහා ගෙන එහි මතභේද ඇති නොකොට එය පිළිපදින්නට තිබුණි.