Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Taghabun — Ayah 11

مَآ أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۗ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ يَهۡدِ قَلۡبَهُۥۚ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ١١
කිසිවෙකුට ඔහු තුළ හෝ ඔහුගේ ධනය හා ඔහුගේ දරුවන් තුළ හෝ යම් කිසි ව්යසනයක් හට ගත්තේ නම්, එය අල්ලාහ්ගේ තීන්දුවකින් හා ඔහුගේ නියමයකින් මිස නැත. කවරෙකු අල්ලාහ් ව ද ඔහුගේ තීන්දුව හා ඔහුගේ නියමය විශ්වාස කරන්නේ ද ඔහුගේ නියෝගයට යටත්වීමටත් ඔහුගේ තීන්දුව පිළිගැනීමටත් අල්ලාහ් එම පුද්ගලයාගේ හදවතට ආශිර්වාද කරනු ඇත. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය. කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත.