Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Taghabun — Ayah 14

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ مِنۡ أَزۡوَٰجِكُمۡ وَأَوۡلَٰدِكُمۡ عَدُوّٗا لَّكُمۡ فَٱحۡذَرُوهُمۡۚ وَإِن تَعۡفُواْ وَتَصۡفَحُواْ وَتَغۡفِرُواْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ ١٤
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! නුඹලාගේ බිරියන් හා නුඹලාගේ දරුවන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් හා ඔහුගේ මාර්ගයේ කැපවීමෙන් නුඹලාව වෙනතකට යොමු කොට නුඹලාව අධෛර්යමත් කිරීම හේතුවෙන් ඔවුන් නුඹලාට සතුරන් වී නම්, නුඹලා තුළ ඔවුන් බලපෑමක් වීමෙන් නුඹලා ප්රවේශම් වනු. ඔවුන් නුඹලා ව නොමග යැවීමෙන් නුඹලා ඔවුන් ඉක්මවා ගොස් නුඹලා එයට පිටුපා ඔවුනට එය වසන් කර සිටියේ නම්, එවිට සැබැවින්ම නුඹලාගේ පාපය සඳහා අල්ලාහ් නුඹලාට සමාව දෙනු ඇත. නුඹලාට කරුණාව පෙන්වනු ඇත. ප්රතිඵල හිමිවනුයේ ඒ හා සමාන ක්රියා වර්ගයකිනි.