Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Talaq — Ayah 1

يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِذَا طَلَّقۡتُمُ ٱلنِّسَآءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحۡصُواْ ٱلۡعِدَّةَۖ وَٱتَّقُواْ ٱللَّهَ رَبَّكُمۡۖ لَا تُخۡرِجُوهُنَّ مِنۢ بُيُوتِهِنَّ وَلَا يَخۡرُجۡنَ إِلَّآ أَن يَأۡتِينَ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖۚ وَتِلۡكَ حُدُودُ ٱللَّهِۚ وَمَن يَتَعَدَّ حُدُودَ ٱللَّهِ فَقَدۡ ظَلَمَ نَفۡسَهُۥۚ لَا تَدۡرِي لَعَلَّ ٱللَّهَ يُحۡدِثُ بَعۡدَ ذَٰلِكَ أَمۡرٗا ١
අහෝ නබිවරය! නුඹ හෝ නුඹේ සමූහයා අතරින් කිසිවෙකු හෝ තම බිරිය දික්කසාද කරන්නට සිතුවේ නම්, ඇයගේ පළමු ඉද්දා -පොරොත්තු- වාරය සඳහා ඔහු ඇයව දික්කසාද කළ යුතුයි. එම දික්කසාදය, ඇය සමග සංසර්ගයේ නිරත නොවූ පිරිසිදු කාලයක විය යුතුය. නුඹලාගේ එම බිරියන් නැවතත් කැඳවා ගන්නට නුඹලා සිතුවේ නම් එසේ ගෙන්වා ගැනීමට පහසුවන පරිදි නුඹලා ඉද්දා -පොරොත්තු කාලය- සුරක්ෂිතව පිළිපැදිය යුතුය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත්ව කටයුතු කරනු. දික්කසාද කරනු ලැබූ කාන්තාවන් පදිංචිව සිටින නිවෙස්වලින් නුඹලා ඔවුන් බැහැර නොකළ යුතුය. ඔවුන් ද ඔවුන්ගේ ඉද්දා කාලය අවසන් වන තුරු ඉන් පිටතට නො යා යුතුය. නමුත් ඔවුන් අපචාරය වැනි අශීලාචාර කටයුත්තක් සිදු කර ඇත්නම් හැර. මෙම නීති අල්ලාහ් තම ගැත්තන් හට සීමා කළ ඔහුගේ සීමාවන් වේ. කවරෙකු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කරන්නේ ද, තම පරමාධිපතිට ඔහු පිටුපෑම හේතුවෙන් විනාශයේ හේතුකාරණා ගෙනැවිත් ඔහු ඔහුටම අපරාධ කර ගනී. අහෝ දික්කසා කළවුනි! එම දික්කසාදයෙන් පසුව නුඹ නොසිතන කරුණක් සිදු වී පසුව නුඹ ඇයව නැවත ගෙන්වා ගත හැක.