Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Talaq — Ayah 2

فَإِذَا بَلَغۡنَ أَجَلَهُنَّ فَأَمۡسِكُوهُنَّ بِمَعۡرُوفٍ أَوۡ فَارِقُوهُنَّ بِمَعۡرُوفٖ وَأَشۡهِدُواْ ذَوَيۡ عَدۡلٖ مِّنكُمۡ وَأَقِيمُواْ ٱلشَّهَٰدَةَ لِلَّهِۚ ذَٰلِكُمۡ يُوعَظُ بِهِۦ مَن كَانَ يُؤۡمِنُ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجۡعَل لَّهُۥ مَخۡرَجٗا ٢
ඔවුන්ගේ ඉද්දා කාලය අවසන් වීමට ළඟා වූ විට කැමැත්තෙන් හා යහපත් පවුල් සම්බන්ධතාවකින් යුතුව නුඹලා ඔවුන් නැවත කැඳවා ගනු. එසේ නැතහොත් ඔවුන්ගේ ඉද්දා කාලය අවසන් වන විට ඔවුන් ගෙන්වා ගැනීම අතහැර දමනු. ඔවුනට ඔවුන් සතු ඔවුන්ගේ දීමනා පිරි නමනවාත් සමගම ඔවුන්ගේ වගකීම ඔවුනටම සතු වන්නේය. නුඹලා ඔවුන් නැවත කැඳවා ගන්නට සිතුව ද එසේ නැතහොත් ඔවුන් වෙන් කරන්නට සිතුව ද, ආරවුල් විසදිය හැකි වනු පිණිස නුඹලා අතරින් යුක්ති ගරුක දෙදෙනෙකු සාක්ෂි වශයෙන් පත් කර ගනු. අහෝ සාක්ෂිකරුවනි! අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නන් ලෙස එම සාක්ෂි සඳහා පෙනී සිටිනු. සඳහන් කරන ලද මෙම නීතිරීති අල්ලාහ්ව විශ්වාස කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන විශ්වාස කරන ජනයාට මෙනෙහි කරනු ලැබ ඇත. ඊට හේතුව මෙම උපදෙස් හා මෙනෙහි කිරීම් තුළින් ප්රයෝජන ලබනුයේ එවැන්නෙකු වන බැවිනි. කවරෙකු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරන්නේ ද සිදු වී ඇති සියලුම ආකාරයේ අපහසුතාවන් හා පීඩාවන්ගෙන් පිටවුමක් අල්ලාහ් ඔහුට ඇති කරනු ඇත.