Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Talaq — Ayah 4

وَٱلَّٰٓـِٔي يَئِسۡنَ مِنَ ٱلۡمَحِيضِ مِن نِّسَآئِكُمۡ إِنِ ٱرۡتَبۡتُمۡ فَعِدَّتُهُنَّ ثَلَٰثَةُ أَشۡهُرٖ وَٱلَّٰٓـِٔي لَمۡ يَحِضۡنَۚ وَأُوْلَٰتُ ٱلۡأَحۡمَالِ أَجَلُهُنَّ أَن يَضَعۡنَ حَمۡلَهُنَّۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجۡعَل لَّهُۥ مِنۡ أَمۡرِهِۦ يُسۡرٗا ٤
දික්කසාද කරන ලද කාන්තාවන් ඔවුන් වයස්ගත හේතුවෙන් ඔසප් තත්ත්වයට පත්වීම ගැන බලාපොරොතු සුන් වී ඇත්නම් ඔවුන්ගේ ඉද්දා කාලයේ ගණනය කරනු ලබනුයේ කෙසේදැයි නුඹලා සැක කරන්නෙහු නම්, එවිට ඔවුන්ගේ ඉද්දා කාලය වනුයේ මාස තුනකි. එම කාන්තාවන් ඔවුන්ගේ කුඩා අවදිය හේතුවෙන් තවමත් ඔසප් තත්ත්වයට පත් නොවූ කාන්තාවන් නම් ඔවුන්ගේ ද ඉද්දා කාලය මාස තුනකි. දික්කසදාය හෝ මිය යෑම හේතුවෙන් ගැබිණි මාතාවන්ගේ දික්කසාද කාලය ඔවුන්ගේ දරුවා ප්රසූත කිරීමත් සමග අවසන් වෙයි. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් කවරෙකු අල්ලාහ්ට බැතිමත්ව කටයුතු කරන්නේ ද ඔහුගේ කටයුතු අල්ලාහ් ඔහුට පහසු කරනු ඇත. සියලු දුෂ්කරතා ඔහුට සැහැල්ලු කරනු ඇත.