Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Talaq — Ayah 5

ذَٰلِكَ أَمۡرُ ٱللَّهِ أَنزَلَهُۥٓ إِلَيۡكُمۡۚ وَمَن يَتَّقِ ٱللَّهَ يُكَفِّرۡ عَنۡهُ سَيِّـَٔاتِهِۦ وَيُعۡظِمۡ لَهُۥٓ أَجۡرًا ٥
සඳහන් කරන ලද තලාක් - දික්කසාදය, රජ්ආ - ආපසු ගෙන්වා ගැනීම, ඉද්දා -පොරොත්තු කාලය යනාදී නීති රීති වනාහි, අහෝ දෙවියන් විශ්වාස කරන්න්නනි! නුඹලා දැන ගනු පිණිස නුඹලා වෙත පහළ කළ අල්ලාහ්ගේ නීති වන්නේය. කවරෙකු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී, ඔහු ගැන බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නේ ද ඔහු සිදු කළ ඔහුගේ පාපකම් ඔහුගෙන් ඔහු මකා දමනු ඇත. මතුලොවෙහි අතිමහත් කුසල් ඔහුට පිරිනමනු ඇත. එය ඔහුව ස්වර්ගයට ඇතුළු කිරීමෙන් හා අවසන් නොවන සුව පහසුකම් ලැබෙන්නට සළස්වමිනි.