Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Talaq — Ayah 6

أَسۡكِنُوهُنَّ مِنۡ حَيۡثُ سَكَنتُم مِّن وُجۡدِكُمۡ وَلَا تُضَآرُّوهُنَّ لِتُضَيِّقُواْ عَلَيۡهِنَّۚ وَإِن كُنَّ أُوْلَٰتِ حَمۡلٖ فَأَنفِقُواْ عَلَيۡهِنَّ حَتَّىٰ يَضَعۡنَ حَمۡلَهُنَّۚ فَإِنۡ أَرۡضَعۡنَ لَكُمۡ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ وَأۡتَمِرُواْ بَيۡنَكُم بِمَعۡرُوفٖۖ وَإِن تَعَاسَرۡتُمۡ فَسَتُرۡضِعُ لَهُۥٓ أُخۡرَىٰ ٦
අහෝ ස්වාමි පුර්ෂයිනි! නුඹලා පහසුකම් සහිත ව වාසය කරනවාක් මෙන්ම ඔවුනට ද වාසය කිරීස සඳහා පහසුකම් සලසා දෙනු. අල්ලාහ් වෙනත් දෙයක් නුඹලා මත පවරා නැත. ඔවුනට කරන වියදම් වලදී හෝ නවාතැන් වලදී හෝ ඒ හැර වෙනත් කටයුතු වලදී ඔවුනට පීඩනයක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් ඒවායෙහි හිංසාවන් ප්රවේශ නොකරනු. දික්කසාද කරනු ලැබූ කාන්තාවන් ගර්භණී කාන්තාවන් නම් ඔවුන් දරුවන් ප්රසූත කරන තෙක් ඔවුනට වියහියදම් ලබා දෙනු. නුඹලා වෙනුවෙන් නුඹලාගේ දරුවන් සඳහා ඔවුන් කිරි පොවන්නේ නම් ඔවුන් කිරි පෙවීමේ කුලිය ඔවුනට නුඹලා පිරිනමනු. කුලිය සම්බන්ධයෙන් යහපත් අයුරින් ඔවුන් එකිනෙකා කළමනා කර ගත යුතු වේ. බිරිය අපේක්ෂා කරන කුලියක් දීමට සැමියා මසුරු වූයේ නම් ඇයට කැළලක් ඇති වූයේ නම් අපේක්ෂා කරන දෑ හැර වෙනෙකක් පිළිනොගන්නී නම් ඔහුගේ දරුවාට කිරි දීම සඳහා කිරි දෙන වෙනත් කාන්තාවක් පියා කුලියට ගත යුතු වේ.