Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Talaq — Ayah 7

لِيُنفِقۡ ذُو سَعَةٖ مِّن سَعَتِهِۦۖ وَمَن قُدِرَ عَلَيۡهِ رِزۡقُهُۥ فَلۡيُنفِقۡ مِمَّآ ءَاتَىٰهُ ٱللَّهُۚ لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا مَآ ءَاتَىٰهَاۚ سَيَجۡعَلُ ٱللَّهُ بَعۡدَ عُسۡرٖ يُسۡرٗا ٧
කවරෙකු ධනවත් වන්නේ ද ඔහු ඔහුගේ දික්කසාද කළ කාන්තාවට හා ඔහුගේ දරුවාට ඔහුගේ වත්කම් අනුව වියදම් කළ යුතුය. කවරෙකුට ඔහුගේ පෝෂණ සම්පත් සීමා කරනු ලැබ ඇත්තේ ද ඔහු අල්ලාහ් ඔහුට පිරිනැමූ දැයින් වියදම් කළ යුතුය. අල්ලාහ් යම් ආත්මයකට පිරිනමා ඇති දෑට වඩා යමක් දරන්නට පනවන්නේ නැත. එහෙයින් ඊට වඩා වැඩියෙන් හෝ ඔහුගේ හැකියාවට වඩා වැඩියෙන් ඇය වෙනුවෙන් දැරිය යුතු නැත. ඔහුගේ ඒ පීඩින තත්ත්වය හා එහි දුෂ්කරතාව පහව ගිය පසුව පහසුකම හා පොහොසත්කම අල්ලාහ් ඇති කරනු ඇත.