Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Tahrim — Ayah 3

وَإِذۡ أَسَرَّ ٱلنَّبِيُّ إِلَىٰ بَعۡضِ أَزۡوَٰجِهِۦ حَدِيثٗا فَلَمَّا نَبَّأَتۡ بِهِۦ وَأَظۡهَرَهُ ٱللَّهُ عَلَيۡهِ عَرَّفَ بَعۡضَهُۥ وَأَعۡرَضَ عَنۢ بَعۡضٖۖ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتۡ مَنۡ أَنۢبَأَكَ هَٰذَاۖ قَالَ نَبَّأَنِيَ ٱلۡعَلِيمُ ٱلۡخَبِيرُ ٣
තමන්ගේ බිරියක් වූ මාරියාට තමන් කිට්ටු නොවන බවට වූ පුවත නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හෆ්සා තුමියට පමණක් රහසින් පවසා සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට හෆ්සා තුමිය ආඉෂා තුමියට එම පුවත දන්වා සිටියාය. හෆ්සාට අවවාද කිරීමක් ලෙස එම රහස පතුරුවාලීම සම්බන්ධයෙන් අල්ලාහ් තම නබිවරයාට දන්වා සිටියේය. පසුව ඉන් ඇතැම් කරුණු පමණක් ඇයට දන්වා සිට තවත් කොටසක් නොකියා නිහඬ විය. එවිට ඇය, "මෙය ඔබට දන්වා සිටියේ කවුදැ?"යි විමසා සිටියාය. නබිතුමාණෝ, "සියලුම රහස් පිළිබඳ තොරතුරු දන්නා සියලු දෑ පිළිබඳ සර්වඥ අල්ලාහ් මට එය දන්වා සිටියේය" යැයි පිළිතුරු දුන්හ.