Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Tahrim — Ayah 4

إِن تَتُوبَآ إِلَى ٱللَّهِ فَقَدۡ صَغَتۡ قُلُوبُكُمَاۖ وَإِن تَظَٰهَرَا عَلَيۡهِ فَإِنَّ ٱللَّهَ هُوَ مَوۡلَىٰهُ وَجِبۡرِيلُ وَصَٰلِحُ ٱلۡمُؤۡمِنِينَۖ وَٱلۡمَلَٰٓئِكَةُ بَعۡدَ ذَٰلِكَ ظَهِيرٌ ٤
නුඹලා දෙදෙනා පශ්චාත්තාප වීම නුඹලා දෙදෙනා කෙරෙහි පැවරෙන වගකීමකි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් පිළිකුල් නොකළා වූ එතුමාගේ වහලියගෙන් එතුමා වැළකී සිටීමට හා ඇයව එතුමාණන්ට තහනම් කර ගැනීම සම්බන්ධයෙන් එතුමාව කැමැති කරවා ගැනීමට නුඹලාගේ හදවත් නැඹුරු වී ඇති බැවිනි. නැවත මිදීමට නුඹලා දෙදෙනා එක්ව හඬ නගා පැවසුව ද සැබැවින්ම අල්ලාහ් ඔහුගේ භාරකරු බවත් ඔහුට උදව් කරන්නා බවත් දැන ගත යුතුය. එසේම ජිබ්රීල් තුමා ද දෙවියන් විශ්වාස කරන්නන් අතර සිටින එතුමාගේ මිතුරන් හා උදව්කරුවන් ද සිටිනු ඇත. අල්ලාහ්ගේ උදව්වෙන් පසු එතුමාණන්ට පීඩා කරන්නන්ට එරෙහිව මලක්වරුන් උදව්කරුවන් ලෙසත් පිහිටවන්නන් ලෙසත් සිටිති.