Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Nuh — Ayah 7

وَإِنِّي كُلَّمَا دَعَوۡتُهُمۡ لِتَغۡفِرَ لَهُمۡ جَعَلُوٓاْ أَصَٰبِعَهُمۡ فِيٓ ءَاذَانِهِمۡ وَٱسۡتَغۡشَوۡاْ ثِيَابَهُمۡ وَأَصَرُّواْ وَٱسۡتَكۡبَرُواْ ٱسۡتِكۡبَارٗا ٧
ඔබට පමණක් නැමදීම, ඔබට අවනත වීම හා ඔබේ රසූල්වරයාට අවනත වීම යනාදී ඔවුන්ගේ පාපකම් සඳහා සමාවට හේතුවන සාධක වෙත මා ඔවුන් ඇරයුම් කළ සෑම කල්හිම, මාගේ ඇරයුම ඔවුන්ගේ කනට නොවැකෙන සේ ඔවුන්ගේ ඇගිලි ඔවුන්ගේ කන් තුළ දමා වසා ගත්තෝය. ඔවුන් මා නොදකින සේ ඔවුන්ගේ ඇදුමෙන් ඔවුන්ගේ මුහුණු වසා ගත්තෝය. ඔවුන් කවර දෙයක් ආදේශ කරමින් සිටියේ ද එහි දිගටම රැඳී සිටියෝය. මා ඔවුන් ඇරයුම් කරන දෑ පිළිගැනීමට හා ඒ සඳහා සවන් දීමට ඔවුන් උඩඟු වූවෝය.